Sri Lanka Latest News
Sri Lanka Latest News
Alarm bells over food security

IFC gets nod to issue offshore rupee bonds

Rs. 600 m bailout for flood affected tea smallholders

New tax system for policy stability

Harry J hooks up with Japan’s ANA, JAL for SriLankan Airlines

US launches anti-dumping probe on tyres from India, Sri Lanka

TN fishermen to 'lay siege' to Sri Lankan Deputy High Commission

Only 'traitors' oppose trade agreement with India - PM

Four monks remanded over Homagama court unrest

Tamil areas in Sri Lanka are the pockets of poverty - WB study

යහපාලන ආණ්ඩුව මා ගැන වපුරන සාවද්‍ය මත

පසුගිය දවස්වල යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා එම ආණ්ඩුවට පක්ෂපාත විවිධ මාධ්‍ය විසින් මා ගැන විටින් විට මත පල කරනු ලබයි. මා හිටපු ජනාධිපතිතුමාව තායිලන්තයේදී හමුවුනේය, උගන්ඩාවේදී හමුවුනේය කියා ඇතැම් අය චෝදනා මුකයෙන් කතා කරනු අපට පෙනිණි. හිටපු ජනාධිපතිතුමාව ලෝකයේ ඕනෑම තැනකදී හමුවීමට මට කිසිදු බාධාවක් නැති බව මම මුලින්ම කිව යුතුය. මම ලංකාවට පැමිණ එතුමා හමු නොවන්නේ යහපාලන ආණ්ඩුව හිටපු ආණ්ඩුවේ ප්‍රධානීන්ට හා නිලධාරීන්ට එරෙහිව දියත් කර තිබෙන අසාධාරණ දඩයම නිසාය.
මම රාජපක්ෂ ආණ්ඩුව සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තනාපති ලෙස පත්වීමට පෙර ජීවත්වුයේ ලංකාවේ නොවේ. මා එකල ජිවත් වුයේ යුක්රේනියාවේය. රුසියාවේ ශ්‍රී ලංකා තනාපතිකමින් ඉවත් වූ පසුත් මා ඉන්නේ යුක්රේනියාවේය. යුක්රේනියා ආණ්ඩු විරෝධී කැරළිකාරුවන්ට ආයුධ සැපයීම ගැන යුක්රේනියා ආණ්ඩුව මට විරුද්ධව පරීක්ෂණයක් කරනවාය කියා යහපාලකයෝ මට විරුද්ධව ගෙනයන ප්‍රචාරය අමුලික බොරුවකි. මම යුක්රේනියා ආණ්ඩුව විරෝධී කැරළිකාරුවනට ආයුධ සපයා තිබුණේ නම් මම යුක්රේනියාවේ අගනුවර ජිවත් වෙන්නේ කෙසේද?

මේ බොරු අතේ පත්තුවෙන නිසා ඔවුන් දැන් වෙනත් බොරු ගොතමින් සිටී. රුසියාවේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ පණිවිඩකරුවකු ලෙස සේවය කල නොයෙල් රණවීර මහතාගේ මරණයට මා වගකීව යුතු බවට මුසාවක් ඔහුන් පතුරුවා හරිය අතර, එම මරණය සිදුකල රුසියානු ජාතික, වාහනයේ රියදුරාට නඩු පවරා දඩුවම්ද නියම කර, ඒ පිළිබඳ නඩු වාර්තාවද විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒවා තිබෙන නිසා ඒ මුසාවත් අතේ පත්තු විය.

මම තවමත් මට තානාපතිවරයකු හැටියට හිමිව තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය පාවිච්චි කරමින් සිටින බවට යහපාලන ආණ්ඩුව තවත් ප්‍රචාරයක් ගෙන ගියා නමුත්‍, විදේශ අමත්‍යාංශයේ අනුමැතිය ඇතිව මට නිකුත් කර තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර, 2015 මාර්තු 06 දින සාමාන්‍ය ගමන් බලපත් නිකුත් කල බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය සතියේ මාධ්‍යට ප්‍රකාශ කිරීමෙන් ආණ්ඩුවේ තවත් පට්ටපල් බොරුවක් අතේ පත්තුවීම හේතුවෙන් යහපාලකයෝ කුපිත වී ඇති බව පසුගිය කැබිනට් වාර්තා කියවීමෙන් පෙනීයයි.

මම ලංකාවේ මෙන්ම යුක්රේනියාවෙත් නීතියේ රැහැනින් බේරීමට ලෝකය පුරා කට්ටි පනිමින් සිටින පුද්ගලයකු හැටියට හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව උත්සාහ කරමින් සිටී. නමුත්‍ මම යුක්රේනියාවේ ජීවත්වනවා පමණක් නොව ඒ රටේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරමින් සිටී. එමෙන්ම යහපාලන ආණ්ඩුවට එරෙහිව විදේශගත ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරමින් සිටිමි. ලංකාවට පැමිණ යහපාලකයන්ගේ දඩයම පහසු කර දීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් නැත. ඔවුන් දඩයමක් කරන්නේ නම් ඒ සඳහා ඔවුන් උපරිම ලෙස කරදර විදින බවට වගබලා ගැනීමට මම සැදී පැහැදි සිටිමි.

උදයාංග වීරතුංග — රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

Празднование 69-го Дня Независимости
2017 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලාංකික අපි යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමේ 69 වන සංවත්සරය සමරන්නෙමු. මේ දිනයේ දී දෙමාපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන් අපට ලැබී ඇති නිදහසේ හා ස්වාධිපත්‍යයයේ අරුත මෙනෙහි කරන ලෙස පාසැල් ළමුන්ට හා තරුණ තරුණියන්ට අවවාද කරනු ලැබේ. නමුත් අද වැදගත් වී ඇත්තේ බාල පරම්පරාවට අපේ නිදහසේ සහ ස්වාධිපත්‍යයේ වැදගත්කම ඒත්තු ගැන්වීම නොව, අපේ දේශපාලන නායකයන්ට අපි ලැබූ නිදහසේ සහ ස්වාධිපත්‍යයයේ වැදගත්කම ඒත්තු ගැන්වීමයි.
අපි 69 වන නිදහස් දිනය සමරන්නේ 70 වෙනි සංවත්සරය සැමරීමට රටක් ඉතුරු වී තිබේ දැයි සැකයක් මතු වී ඇති තත්ත්වයක ය. වර්තමාන දේශපාලන නායකයන් ශ්‍රී ලාංකික රාජ්‍ය කැබලි කර වෙනම පොලිස් සේවාවන්ද සහිත ප්‍රාන්ත රාජ්‍ය ඇති කිරීමට කඩිමුඩියේ සූදානම් වෙන හැටි අපි දකිමු. මෙයට අමතරව 2016 සහ 2017 ජාතික අයවැය තුළින් කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය වැනි කුඩාම ව්‍යාපාරවල සිට අපේ ආණ්ඩුවේ ලොකුම ව්‍යාපෘතිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දක්වා රජයට අයත් සියලුම දේපොළ විකුණා දමන්න යෝජනා කර තිබුණි. හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ වරායන් පමණක් නොව ඒ අවට ඇති විශාල භූමි භාගයන් ද විකිණීමට නියම කර ඇත. අපි නිදහස ලබා වසර 69ක් පිරෙන දිනයේ දී අපේ දේශපාලන නායකයන් තමන්ගෙන් ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, අපි යටත් විජිත වාදීන්ගෙන් නිදහස ලැබුවේ ඔවුන් පවා ඉතුරු කර ගිය ඒකීය රාජ්‍ය කැබලි කිරීමට හා රාජ්‍යයට අයත් සියලුම වටිනා දේපොළ විදේශිකයන්ට විකිණීමට ද යන්නයි. මේ නිදහස් දිනයේ දී අපේ තරුණ පරම්පරාවට වඩා අපේ පාලකයන්ට නිදහසෙත්, ස්වාධිපත්‍යයයෙත්, නිවහල්බවෙත්, වැදගත්කම වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ — ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති.

Поздравляем Вас с Новым годом!

May the New Year Bring you Wealth, Health & Happiness. Wishing you a fabulous 2017 with full of great achievements and May all your dreams come true!
Former Ambassador Udayanga Weeratunga, Uma, Sithara & Diyon.

අපේ යුගයේ ශ්‍රේෂ්ඨතම නායකයෙකු වූ ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය ගැන කණගාටු වෙමු
කියුබානු විප්ලවයේ නායක, සමාජවාදී කියුබාවේ නිර්මාතෘ සහ අපේ යුගයේ ශ්‍රේෂ්ඨතම නායකයෙකු වූ ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය ගැන අපි මහත්සේ කණගාටු වෙමු. මේ සම්බන්ධයෙන් අපගේ සංවේගය ඔහුගේ සොහොයුරා මෙන්ම දේශපාලන අනුප්‍රාප්තිකයාද වන ඔබටත්, කියුබානු ජනතාවටත් ප්‍රකාශකර සිටීමට කැමැත්තෙමි.
ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය යුගයක අවසානය සනිටුහන් කරයි. ඔහු නායකත්වය දුන් කියුබානු විප්ලවය ලොව පුරා තරුණයන්ගේ ආකාර්ශණය දිනාගත් දේශපාලන සංසිද්ධියක් විය. ෆිදෙල් කැස්ත්‍රෝමහතා ලොවට කියාදුන් වැදගත්ම දේශපාලන පාඩමක් වූයේ අධිපතිවාදී මහා බලවතුන් හමුවේ වුවත්, කුඩා රටක් තම සෛරීත්වයත්, ස්වාධීනත්වයත් රැකගෙන ඉදිරියට යන්නේ කෙසේද යන්නයි. ඔහු පිළිබඳ මතකය අපට ඉදිරියටත් ආදර්ශයක් වෙනු ඇත.
මහින්ද රාජපක්‍ෂ — ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති.
Бывший президент встретиться в тайланда
1 E69T4181 රුසියාවේ හිටපු තනාපති උදයාංග වීරතුංග වන මම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් 23 සිට 26 අතර තායිලන්තයේ උඩන්-තානී නගරයේ සහ බැංකොක් නගරයේ කල සංචාරය අතරතුර එතුමාව හමු වුනෙමි. ඒ අවස්ථාව ලැබීම ගැන මම ඉතා සතුටුවෙමි. මම හිටපු ජනාධිපතිතුමා හමුවීම ගැන යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් විවිධ අදහස් පළකර තිබේ. මා නොයෙක් විමර්ශන සඳහා ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය වි තිබෙන පුද්ගලයෙක් හැටියට ඔවුන් හුවා දැක්වීමට උත්සාහ කරන බව පෙනේ.
යහපාලන ආණ්ඩුවේන් මට සහ මා සේවය කල ආණ්ඩුවේ ප්‍රබලයින්ට සිදූවි තිබෙන දරුණු දේශපාලන පළිගැනීම් නිසා දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් යහපාලන දේශපාලකයන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල පට්ට පල් බොරු බව ලංකාවේ ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රකාශ කිරීමට කැමතියි.

යහපාලන ආණ්ඩුව මට එරෙහිව කරන ප්‍රධාන චෝදනාව වන, මා යුක්රේනයේ බෙදුම්වාදී කැරළිකරුවන්ට ආයුධ සැපයූ බවත්, ඒ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති පේත්රෝ පොරෝෂෙන්කෝගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමත්‍යාංශයට පැමිණිලි කල බවයි. මේ ප්‍රචාරය සම්පුර්ණ අසත්‍යකී. මම දැන් ජිවත්වන්නේ යුක්රේනයේය. යුක්රේනයේ ඒ වගේ චෝදනාවක් හෝ විමර්ශනයක් මට එරෙහිව නැත. එවැනි චෝදනා ඇත්නම් යුක්රේනියානු ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බාධාවක් හෝ ලංකා රජයේ උදව් අනවශ්‍යය. නමුත් මා දැන් යුක්රේනියාවේ ප්‍රධාන ආරක්‍ෂිත විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරමින් සිටිමි. යහපාලනය රජයේ මේ කතා කිසිවිටක යුක්රේනියානු ආණ්ඩුව පිළිගන්නේ නැත, එබැවින් යහපාලනය නියෝජිතයන් යුක්රේනයට විමර්ශන කටයුතු සඳහා පැමිණ නැත. නමුත් අප්‍රේල් 4-8 කාලයේදී නීතිපතිතුමා ඇතුළු පිරිසක් මෙහි පැමිණ ඇත, ඒ එදා මා විසින් ආරම්භ කරන ලද දෙරටේ කෙටුම්පත් ගිවිසුමක ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහාය.

යහපාලන ආණ්ඩුව මට එරෙහිව කල තවත්‍ චෝදනාවක් වන්නේ මම රුසියාවේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ පනිවිඩකරුවකු ලෙස සේවය කල නොයෙල් රණවීර මහතාගේ මරණයට වගකිව යුතු බවයි. මෝටර් රථ ආපදාවකින් සිදූවූනු එම මරණය සම්බන්ධයෙන් එස්. වි. සැම්සනොව් නැමැති රුසියානු ජාතික රියදුරුට විරුද්ධව රෝස්තෝව් නා දොන් දිස්ත්‍රික් උසාවියේ ගොනුකරන තුබුණු අපරාධ පරීක්ෂණය අවසන් විය. එහි පිටු 34 නඩු වාර්තාව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වෙත රුසියානු රජය ලබාදී ඇත. එම වාර්තාවේ මා හට කිසිම චෝදනාවක් නැත. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගසම රණවීර මහතාගේ මුර්ථ දේහය ගොඩගනු ලැබූ අතර එම දේහය හොර රහසේම 2016 මාර්තු 25දින නැවතත් භූමිදානය කර තිබෙන බව මට ආරංචි වි තිබේ.

තානාපති සේවා කාලය අවසනයේ පෞද්ගලික භාණ්ඩ, ලංකාවට ගෙනැවිත් භාරදීමේ වගකීම හා ඒ සඳහා සියලු වියදම් දැරීමට බැදී ඇතිබව, විදේශ කටයුතු අමාත්‍යාංශය සමග අත්සන් කල ගිවිසුමේ පැහැදිලිව සඳහන්ව ඇත. එසේ වුවද රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කරමින්, හුදෙක් පළිගැනීමේ චේතනාවෙන්, අපගේ අතිශයින් පෞද්ගලික භාණ්ඩ, වසරකට වැඩි කාලයක් වරායතුල රදවාගෙන සිට දැන් එය විනාශ කිරීමට කටයුතු කරන, චිත්‍රාංගනි වාගීස්වර ලේකම්තුමියගේ ක්‍රියාකලාපය මා තරයේ හෙළා දකිමි. මේ පිළිබඳව නීතිගරුක හා සාධාරණ විසදුමක් බලාපොරොත්තුවෙන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් 2016 මාර්තු 24 දින ඉදිරිපත්කරන ලදී.

2015 අප්‍රේල් 29 දින, ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂක විසින් කිසිම දැනුම්දීමකින් තොරවම අපගේ සියලුම ගිණුම් තාවකාලිකව අක්‍රිය කර ඇත. අපේ පවුලේ එකම ආදායම්ලාභියාගේ ගිණුම් පුරා වසරක්ම අක්‍රිය කරමින් බොරු චෝදනා හුවා දක්වමින් මෙහිදී සිදුකර තිබෙන්නේ දේශපාලන පළිගැනීමකී.

මෙම රජයේ අසාධාරණ පළිගැනීම් පිළිබඳව රුසියානු හා යුක්රේනියානු රජයන් නිරන්තරයෙන්ම  දැණුවත් කිරීමට මම කටයුතු කරන බවත්, මේ දඩයමට එරෙහිව එතෙර ජීවත්වන ලාංකිකයන් පෙලගැස්විමට ඉදිරිපත් වෙන බවද, මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිමි.